Public Interest Litigations - Page One

  • PUBLIC INTEREST SANS ANY POLITICAL RESPONSIBILITY! Read More >>
  • කිසිදු දේශපාලන වගකීමකින් තොරව පොදු යහපත වෙනුවෙන් ක්‍රියා කිරීම! වැඩිදුර කියවීම >>
EXPROPRIATION LAW’ – “UNDERPERFORMING ENTERPRISES AND UNDERUTILIZED ASSETS ACT NO. 43 OF 2011”

SC (SD) Application No. 02/2011
SC (FR) Application No. 534/2011

IMPEACHMENT OF CHIEF JUSTICE »
“HEDGING / DERIVATIVE” DEALS »

SC (FR) Application No. 535/2008
SC (FR) Application No. 536/2008
SC (FR) Application No. 404/2009
SC (FR) Application No. 481/2009

LANKA MARINE SERVICES LTD. PRIVATISATION »

SC (FR) Application Nos. 209/2007 & 1/2008
Application for Review by Supreme Court

WRIT APPLICATION FOR LAW ENFORCEMENT »

Court of Appeal Writ Application No. 1661/2003

‘EXPROPRIATION LAW’ – “UNDERPERFORMING ENTERPRISES AND UNDERUTILIZED ASSETS ACT NO. 43 OF 2011”

SC (Special Determination) Application No. 02/2011

‘EXPROPRIATION LAW’ – “UNDERPERFORMING ENTERPRISES AND UNDERUTILIZED ASSETS ACT NO. 43 OF 2011”

SC (Special Determination) Application No. 02/2011

SC (Fundamental Rights) Application No. 534/2011

 Communications / Representations to :

  • Letters dated 23.11.2011 & 28.3.2011 to Leaders Publications  Read More »
  • Letter dated 19.1.2012 to Justice Warawewa  Read More »
  • Letter dated 25.5.2012 to Chairman, Police Commission (to be translated to English)  Read More »
  • Media Exposés  Read More » 

හඳුනාගත් “ඌන ක්‍රියාකාරි ව්‍යවසායන් හෝ ඌන උපයෝජිත වත්කම් රජයට පවරා ගැනීම සැලසෙන පනතක්” යන ශීර්ෂය යටතේ ‘හදිසි පනත් කෙටුම්පතක්’ ලෙසින් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුල වන්නේදැයි නැතහොත් අනනුකුල වන්නේදැයි යන්න පිලිබදව ‘තීරණයක්’ සදහා අතිගරු ජනාධිපතිතුමා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 122(2) ව්‍යවස්ථාව යටතේ ‘තීරණයක්’ සදහා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරනු ලැබ, එම පනත් කෙටුම්පත ව්‍යවස්ථානුකුල වන බවට අතිගරු ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුතුමියගේ ප්‍රධානත්වයෙන්, ගරු පී. ආර්. රත්නායක විනිසුරුතුමා සහ ගරු චන්ද්‍රා ඒකනායක විනිසුරුතුමිය අතුළත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් කරන ලද අංක. SC (SD) 02/2011 දරණ ‘තීරණය’ වැරදි සහගත වන බව අනාවරණය වීමෙන්, එය අභියෝගයට ලක් කරමින් නිහාල් ශ්‍රී අමරසේකර විසින් අංක SC (FR) 534/2011 දරණ මුලික අයිතිවාසිකම් පෙත්සම 2011.11.14 දින ඉදිරිපත් කළ අතර, එම ‘තිරණය’ වඩාත් පුඵුල් විනිසුරු මඩුල්ලක් විසින් සමාලෝචනය කොට නැවත පරික්ෂාකර බලා ඉවත් කරන ලෙසට ඉල්ලීමක්ද, අංක SC (SD) 02/2011 යටතේ 2011.11.17 දිනැතිව ඔහු විසින් ඉදිරිපත් කර සිටින ලදී.

නිහාල් ශ්‍රී අමරසේකර විසින් අංක SC (SD) 02/2011 යටතේ 2011.11.17 දිනැතිව කළ ඉල්ලිම අතිගරු ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුතුමිය වෙත යොමුකර ඇති අතර, ඉහතකී ‘තීරණය’ කරනු ලැබ ඇත්තේ පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් වන අතර, යම් පාර්ශවයකට මැදිහත් වීමට අවශ්‍යතාවයක් තිබුණේ නම්, එම අවස්ථාවේදිම එසේ කළ හැකිව තිබුණු බවත්, ‘තීරණයක්’ ගැනිම අවසන් කළාට පසුව, එසේ මැදිහත් වීමට ඉඩදිය නොහැකි බවටත් සදහන් කරමින්, නිහාල් ශ්‍රී අමරසේකරගේ ඉල්ලීම ප්‍රතික්ෂේපකර සිටින ලදී. ඇය විසින් එම නිගමනයට එළඹ ඇත්තේ, අදාල පනත් කෙටුම්පතේ හදිසිතාවය කරණුකොට ගෙන, ඒ සඳහා මැදිහත්වීමට අවශ්‍ය යමෙකුට මැදිහත්වීමේ ස්වාභාවික යුක්ති ධර්මය අහිමි කිරීමේ ආකාරයට කටයුතු යෙදි තිබුණු බව අතිගරු ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුතුමිය විසින් හොදාකාරව දැනසිටිය දීය. කෙසේ වෙතත්, එම ප්‍රතික්ෂේප කිරීම නිරීක්ෂණය සදහා ගරු පී. ආර්. රත්නායක විනිසුරුතුමා සහ ගරු චන්ද්‍රා ඒකනායක විනිසුරුතුමිය වෙත ඉදිරිපත් කරනු ලැබීමෙන් අනතුරුව, ඔවුන් විසින්ද එයට එකගතාවය දක්වා ඇත.

ඉහතකී අංක SC (FR) 534/2011 දරණ මුලික අයිතිවාසිකම් පෙත්සම 2011.11.25 දින එන්.ජී. අමරතුංග, ආර්.කේ.එස්. සුරේෂ්චන්ද්‍ර සහ සත්‍ය හෙට්ටිගේ විනිසුරුතුමානන් අභියසට එළඹීමෙන් පනත් කෙටුම්පත නීතිගතව තිබීම හේතුවෙන්, නිහාල් ශ්‍රී අමරසේකර අභියෝගයට ලක් කරනු ලබන්නේ පනත් කෙටුම්පත නොව, ඊට අදාළව කරන ලද වැරදි සහගත ඉහතකී ශ්‍රේෂ්ඨාධිකරණ ‘තීරණය’ බැවින්ල සංශෝධිත පෙත්සමක් ඉදිරිපත් කර සිටීමට කරන ලද ඉල්ලීමට එම විනිසුරු මඩුල්ල විසින් අවසර දෙන ලද අතර, පාර්ශවකරුවන් වෙත නොතීසි නිකුත් කිරීමටද නියම කරන ලදුව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉහත සදහන් හදිසි පනත් කෙටුම්පත පිලිබදව කළ ‘තීරණය’ වඩාත් පුඵුල් විනිසුරු මඩුල්ලක් විසින් සමාලෝචනය කොට, නැවත පරික්ෂාකර බලන ලෙසට ඉල්ලමින් නිහාල් ශ්‍රී අමරසේකර විසින් ඒ අනුව 2011.12.16 දිනැතිව සංශෝධිත පෙත්සමක් ඉදිරිපත් කරන ලදී.

ඉන් අනතුරුව, නිහාල් ශ්‍රී අමරසේකර විසින් 2012.1.18 දින දරණ මෝසමක් මගින් ඉහතකී සංශෝධිත පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ ඉහත සදහන් හදිසි පනත් කෙටුම්පත පිලිබද ‘තිරණය’ වඩාත් පුඵුල් විනිසුරු මඩුල්ලක් විසින් සමාලෝචනය කොට, නැවත පරීක්ෂාකර බලන ලෙසට වන බැවින්, ඒ සදහා විනිශ්ච මඩුල්ලක් සංස්ථාපනය කරන ලෙසට සහ එය විනිසුරුවරුන් 5 දෙනෙකුගෙන් හෝ ඊට වැඩි සංඛ්‍යාවකින් සමන්විත වියයුතු බව නිහාල් ශ්‍රී අමරසේකර විසින් අතිගරු ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුතුමියගෙන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132 ව්‍යවස්ථාව යටතේ ඉල්ලා සිටින ලද්දේ වී නමුත්, එම ඉල්ලීම නොතකමින්, එම සමාලෝචනය කිරීම සහ නැවත සලකා බැලීම ඇය විසින් ගරු එන්.ජී. අමරතුංග විනිසුරුතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් විනිසුරු මඩුල්ල ඉදිරියේ 2012.2.9 දින තහවුරුකර සිටින ලෙසට යොමුකරන ලදී.

ඒ අනුව, 2012.2.9 දින එන්.ජී. අමරතුංග, ආර්.කේ.එස්. සුරේෂ්චන්ද්‍ර සහ සත්‍ය හෙට්ටිගේ ගරු විනිසුරුවරුන් අභියස ඉහතකී සංශෝධිත පෙත්සම නිහාල් ශ්‍රී අමරසේකර විසින් තහවුරු කර සිටිමෙහිලා, දැඩි වෙහෙසක් දරමින් විස්තීරණ වාචික ඉදිරිපත්කිරීම් සහ විශ්ලේෂණාත්මක ලෙස කරුණු විග්‍රහ කිරීමක් සිදු කරන ලද අතර, අතිගරු ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුතුමියගේ අධිකරණමය පක්ෂපාතිත්වය සහ නුසුදුසුකම පිළිබදව ලිඛිත ඉදිරිපත්කිරීම්ද සිදු කරන අතර, ඔහු විසින් එංගලන්තයේ සාමිවරුන්ගේ මත්ත්‍රි මණ්ඩලයේ එක් විනිශ්චය කමිටුවක් විසින් කරන ලද විනිශ්චයක් තවත් විනිශ්චය කමිටුවක් විසින් සමාලෝචනය කොට ඉවත් කළ චිලියන් ජනපති පිනෝචේ නඩුව උපුටා දක්වන ලදි. එක සාමිවරයෙකුගේ බිරිද, මැදිහත් වු පාර්ශවකරුවකුගේ ආයතනයක සුඵ සේවිකාවක් වු පමණනින් එම නඩු තීන්දුව ඉවත දමන ලද්දේය. ඒ පිලිබදව ඉහතකී ගරු විනිසුරු මඩුල්ල විසින් කියා සිටියේ, එංගලන්තයේ එසේ වන්නේ වී නමුත්, ශ්‍රී ලංකාවේ එසේ කළ නොහැකි බවය.

දැඩි වෙහෙසක් දරමින් පැය 1½ ක් පමණ කරුණු කාරණා තියුණු ලෙස එළිදරව්කර සිටිමෙන් අනතුරුව, නිහාල් ශ්‍රී අමරසේකර විසින් දැරු එම ඉමහත් උත්සාහය ගඟකට කැපු ඉනි මෙන් නිශ්ඵලදායි කරමින්, කලින් නිහාල් ශ්‍රි අමරසේකරගේ සංශෝධිත පෙත්සම භාරගෙන එය ඉදිරියට ගෙනයාමට අවසරය සදහා පාර්ශවකරුවන්ට නොතීසි සහිතව ලැයිස්තුගතකළ ගරු විනිසුරු මඩුල්ලල සියලූ දෙනාම මවිතයට පත්වන අයුරින් කියා සිටියේ ඔවුනට උපදෙස් ලැබ් ඇත්තේ, නිහාල් ශ්‍රී අමරසේකරට සවන්දීම පමණක් විනා ඉල්ලීම ඉදිරියට ගෙනයැමේ අවසරය දීමට නොවන බවය, තවද අනෙකුත් පෙත්සම්කරුවන්ගේ පෙත්සම් සම්බන්ධයෙන් කරන ලද නිගමනයන් හේතුවෙන් නිහාල් ශ්‍රී අමරසේකරගේ පෙත්සම පිළිගැනීමට හෝ ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට මෙම විනිසුරු මඩුල්ලට බලයක් නොමැති බව දක්වමින් නියෝජ්‍ය සෝලිසිටර් ජනරාල් ජනක් ද සිල්වා විසින් නගන ලද විරෝධතාවයක් පිළිගනිම්න්, නිහාල් ශ්‍රී අමරසේකරගේ පෙත්සම නිෂ්ප්‍රභාකර සිටින ලද අතර, ඔහු විසින් ඉදිරිපත් කළ ලිඛිත ඉදිරිපත්කිරීම් ගොණුවෙන් ඉවත් කොට ආපසු භාර දෙන ලදී.

නිහාල් ශ්‍රී අමරසේකර විසින් එසේ වාචික ඉදිරිපත්කිරීම් සිදුකිරීමේදී, අතිගරු ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුතුමියගේ අධිකරණමය පක්ෂපාතිත්වය සහ නුසුදුසුකම පිළිබදව ලිඛිත ඉදිරිපත්කිරීම්හි පිටපත්, බැසිල් රාජපක්ෂ ඇමතිතුමා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඩී.එස්. විජේසිංහ සහ සෙසු වගඋත්තතරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක් ද සිල්වා වෙතද දී තිබුණ අතර, එහි අඩංගු කාරණා මහජනයා විසින් දැන ගැනීම පිළිබදව ඔවුන් විසින් බියසුලූ ගතියක් දක්වා සිටින ලදී.

ඉන් අනතුරුව, නිහාල් ශ්‍රී අමරසේකර විසින් ඉහත කී අංක SC (FR) 534/2011 දරණ මුලික අයිතිවාසිකම් පෙත්සමට අතිරේක වශයෙන්, ඉහතකී සියලූම කාරණා සහ ලේඛන අඩංගු කරන ලද වැඩිදුර පෙත්සමක්, 2012.5.8 දින ඉදිරිපත් කරමින්, අදාල ප්‍රශ්නය අතිශයින්ම පොදු සහ මහජන වැදගත් කමකින් යුක්ත වන බැවින්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉහතකී හදිසි පනත් කෙටුම්පත පිළිබදව කරන ලද ඉහත සදහන් 2011.10.24 දිනැති ‘තීරණය’ පනත් කෙටුම්පත සමිබන්ධයෙන් පහළවී ඇති සැකයන් ගෙන් ගහනයවීම හේතුවෙන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 122(3) ව්‍යවස්ථාව යටතේ, එම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූලයැයි තීරණය කරනු ලැබුවාක් සේ සැලකිය යුතුව ඇති බැවින්, ඒ නයින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132 ව්‍යවස්ථාව අනුව, එම තිරණය සමාලෝචනය කොට නැවත සලකා බලා ඉවත් කිරීම සදහා වඩාත් පුළුල් විනිසුරු මඩුල්ලක් සංස්ථාපනය කරන ලෙසට ඉල්ලා සිටින ලද්දේ වී නමුත්, 2012.2.9 දින මුල් පෙත්සම නිෂ්ප්‍රභාකර ඇති බැවින් එසේ නිෂ්ප්‍රභා කළ ඉල්ලීමක් සම්බන්ධයෙන් මෝසමක් හෝ ඉල්ලිමක් භාරගත නොහැකි බව දක්වමින් එන්. ජී. අමරතුංග විනිසුරුතුමා විසින් එම ඉල්ලිම නිෂ්ප්‍රභා කරන ලදී.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරනු ලබන වැරදි සහගත ‘තීරණයන්’, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අභිප්‍රාය ප්‍රාකාර පුරවැසියකු සතුව පවත්නා අයිතිය බලාත්මක කරනු පිණිස නැවත සලකා බලා වැරදි නිවැරදි කිරිමට ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්ව්‍යාජව දැඩි සැලකිල්ලකින් කටයුතු කල හැකි බව 2012.10.9 දින ශ්‍රේෂ්ඨාධිකරණය තීරණයන් පිළිබදව ප්‍රසිද්ධ කරන ලද නියමයෙහි ගරු කථානායකතුමා විසින් ප්‍රකාශ කර සිටින ලදී.

එබැවින්, ඉහතකී හදිසි පනත් කෙටුම්පත පිළිබදව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කළ ‘තීරණය’, එය කළ විනිසුරු මඩුල්ල විසින්ම සමාලෝචනය කොට නැවත සලකා බලන ලෙසට ඉල්ලමින්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2012.2.9 දින ඉහතකී නීතිකෘතින් විස්තරාත්මකව සටහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද සියලූම ලිඛිත ඉදිරිපත් කිරිම් සහිතව 2012.10.18 දින වැඩිදුර පෙත්සමක් ඉහතකී හදිසි පනත් කෙටුම්පත පිළිබදව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කළ අංක SC (SD) 02/2011 යටතේම නිහාල් ශ්‍රී අමරසේකර විසින් ඉදිරිපත් කර සිටින ලදී.

Scroll to Top