Challenges to Legislations - Page One

INLAND REVENUE (SPECIAL PROVISIONS) ACTS NOS. 10 & 31 OF 2003 »

SC (SD) Application No. 11/2003
SC (SD) Application No. 20/2003
SC Reference No. 1/2004

INLAND REVENUE (REGULATIONS OF AMNESTIES) ACT NO. 10 OF 2004 »

SC (SD) Application No. 10/2004

DEBT RECOVERY (SPECIAL PROVISIONS) ACT NO. 2 OF 1990 »
RECOVERY OF LOANS BY BANKS (SPECIAL PROVISIONS) ACT NO. 4 OF 1990 – PARATE-EXECUTION »
APPROPRIATION BILL CHALLENGE IN THE SUPREME COURT – 2007 »
APPROPRIATION BILL CHALLENGE IN THE SUPREME COURT – 2008 »
DEFAULT TAXES BILL – 2009 »

INLAND REVENUE (SPECIAL PROVISIONS) ACTS NOS. 10 & 31 OF 2003

 SC (SD) Application No. 11/2003 (Re – Act No. 10 of 2003)

SC (SD) Application No. 20/2003 (Re – Act No. 31 of 2003)

SC Reference No. 1/2004 (Re – Acts Nos. 10 & 31 of 2003)

මහා පරිමාන ලෙසින් රාජ්‍ය ආදායම වංචා කිරීමෙහිලා සිදුකළ සාවද්‍ය, අත්තනෝමතික සහ අනෛතික ක්‍රියා යටපත් කිරිමේ අභිලාශයෙන් එවකට මුදල් ඇමති කේ. එන්. චොක්සි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගත් නින්දිත ‘බදු සමා’ පනතට, එරෙහිව නිහාල් ශ්‍රී අමරසේකර විසින් දැඩි සටන් වැදිමක් දියත් කරනු ලැබ, හුදෙක්ම පනත් කෙටුම්පතක් අභියෝගයකට ලක් කිරීම සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පනවා ඇති කාල සීමාව ඉක්මවීමේ බාධකය මගින්, එම සටන ඇහුරුනු නමුත්, නිහාල් ශ්‍රී අමරසේකර විසින් ස්වකීය සටන්වැදීම නොපසුබටව ඉදිරියට ගෙන යාමේ ප්‍රතිඵලයක් වශයෙන්, එම දුෂ්ඨ පනත පිළිබදව මත ප්‍රකාශයක් සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 ව්‍යවස්ථාව අනුව, අතිගරු ජනාධිපතිනිය ලවා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරනු ලැබීමෙන්, එම පනත රජයට අතිමහත් පාඩුවක් සිදු කරන්නාවු මහජන මුදල් වංචා කිරීමක් මෙන්ම, නීතියේ ආධිපත්‍යයට අහිතකර, මානව හිමිකම් පිළිබදව විශ්ව ප්‍රකාශය සහ සිවිල් සහ දේශපාලනමය අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර ප්‍රඥප්තිය උල්ලංඝනය කරන්නක් වන බවට, වෙනත් දේ අතර, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මත ප්‍රකාශය කරන ලදුව, එම පනත අහෝසි කොට එහි දුෂ්ඨ අංගයන් ඉවත් කොට 2004 අංක 10 දරන දේශීය ආදායම් (සමාව දීම විධිමත් කිරීමේ) පනත පනවා ගැනිමේ සාර්ථක ප්‍රතිඵල නෙලීමට හැකිවිය.

මෙම දුෂ්ඨ පනත 2004 මහා මැතිවරණ වේදිකාවේ විශාල ආන්දෝලනයක් වී, එවකට එක්සත් ජාතික පක්ෂ රජය පරාජයට පත් කිරීමට සාධකයක් විය.

මෙයට අමතරව වැට් බදු වංචාව මුලින්ම අනාවරණය වී තිබූ නමුත්, එය සැක උපදවන අයුරින් යටපත් කරන්නට උත්සාහ දරා තිබුණි.

 ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක SC (SD) 11/2003 නඩුව

  • 2003 අංක 10 දරණ දේශිය අදායම් (විශේෂ විධි විධාන) පනත  වැඩිදුර කියවීම »
  • 2003.4.14 දින ඉහතකී පනත ව්‍යවස්ථානුකුල නොවන පදනම මත අභියෝගයට ලක් කරමින් නිහාල් ශ්‍රී අමරසේකර විසින් ස්වකීය නිතිඥවරුන් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අංක 194/2003 දරණ මුලික අයිතිවාසිකම් පෙත්සම වැඩිදුර කියවීම »
  • 2003.4.18 දින ඉහතකී පනත පිළිබද පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුලත් කළ දින සිට දින 7 ක් ඇතුලත එය අභියෝගයට ලක් නොකොට පාර්ලිමේන්තුව විසින් එය පනතක් ලෙසට සම්මත කළ පමණින්ම එය නීතියානුකුලව වලංගු වන නීතියක් නොවන බවට වෙනත් දේ අතර හේතු කාරණා දක්වමින් නිහාල් ශ්‍රී අමරසේකර විසින් ස්වකීය නිතිඥවරුන් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අංක SC (SD) 11/2003 දරණ පෙත්සම (සිංහල බසට පරිවර්තනය කරමින් පවති)  වැඩිදුර කියවීම »
  • නිහාල් ශ්‍රී අමරසේකර විසින් ඉදිරිපත් කළ මොසම් (සිංහල බසට පරිවර්තනය කරමින් පවති) වැඩිදුර කියවීම »
  • 2003.5.28 දින නිහාල් ශ්‍රී අමරසේකර විසින් ඉදිරිපත් කළ ලිඛිත කරුණු (සිංහල බසට පරිවර්තනය කරමින් පවති) වැඩිදුර කියවීම »
  • 2003.5.29 දින ඉහත සදහන් අංක SC (SD) 11/2003 දරණ පෙත්සම පිළිබදව නඩු තින්දුව දිමට නියමකර ඇති දිනයේම ඉහත අංක 194/2003 දරණ මුලික අයිතිවාසිකම් පෙත්සමද සදහන් කරන ලෙසට නියෝග කරමින් වුන ශ්‍රේෂ්ඨාධිකරණයේ කාර්ය සටහන (සිංහල බසට පරිවර්තනය කරමින් පවති) වැඩිදුර කියවීම »
  • 2003.8.4 දින අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රකාශිත විධිවිධානයන් මගින් වරම් දි ඇති අකාරයට නියමිත කාලසිමාව ඇතුලත අධිකරණය විසින් අධිකරණමය බලය ක්‍රියාත්මක කළයුතු බවට අතිරේක සෝලිසිටර් ජනරාල්වරයා විසින් නගන ලද විරෝධතාවය පිළිගනිමින් ඉහතකී පෙත්සම් දෙකම නිශ්ප්‍රබා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කළ නියෝගය (සිංහල බසට පරිවර්තනය කරමින් පවති) වැඩිදුර කියවීම »

ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක SC (SD) 20/2003 නඩුව

  • 2003 අංක 31 දරණ දේශිය අදායම් (විශේෂ විධි විධාන) (සංශෝධිත) පනත වැඩිදුර කියවීම »
  • 2003.7.29 දින වෙනත් දේ අතර මහජනයා විසින් පාර්ලිමේන්තුවට පවරා ඇති නීති පැනවිමේ සීමිත බලයට බාහිරව අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව රජය විසින් ඉහතකී පනත සම්මත කර ගැනිමේදි ක්‍රියාකර ඇතිබව දක්වමින් නිහාල් ශ්‍රී අමරසේකර විසින් ස්වකීය නීතිඥවරුන් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අංක SC (SD) 20/2003 දරණ පෙත්සම (සිංහල බසට පරිවර්තනය කරමින් පවති) වැඩිදුර කියවීම »
  • 2003.8.6 දිනැති නිහාල් ශ්‍රී අමරසේකර විසින් ඉදිරිපත් කළ ලිඛිත කරුණු (සිංහල බසට පරිවර්තනය කරමින් පවති) වැඩිදුර කියවීම »
  • 2003.8.7 දින ඉහත සදහන් අංක SC (SD) 20/2003 දරණ පෙත්සම සම්බන්ධයෙන් අදාළ පනත ව්‍යවස්ථානුකුල වන බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රෛයි පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් කළ නිගමනය (සිංහල බසට පරිවර්තනය කරමින් පවති) වැඩිදුර කියවීම »
  • 2003.9.12 දින ඉහත සදහන් නිගමනය ශ්‍රේෂ්ඨාධිකරණයේ වඩාත් පුඵල් විනිසුරු මඩුල්ලක් විසින් නැවත සලකා බලන ලෙසට නිහාල් ශ්‍රී අමරසේකර පුද්ගලිකව පෙනී සිට කළ ඉල්ලී (සිංහල බසට පරිවර්තනය කරමින් පවති) වැඩිදුර කියවීම »
  • ඉහත සදහන් ඉල්ලිම එම නිගමනය විනිසුරුවරුන් වෙත යොමු කරන මෙන් ගරු අගවිනිසුරුතුමා විසන් නියම කරනු ලදුව ඔවුන්ගේ අදහස වි ඇත්තේ වඩාත් පුඵල් විනිසුරු මඩුල්ලක් වෙත මෙම කාරණය යොමු කිරිමෙන් පලක් නොවන බවය (සිංහල බසට පරිවර්තනය කරමින් පවති) වැඩිදුර කියවීම »
  • 2003.9.25 දිනැති මෝසම (සිංහල බසට පරිවර්තනය කරමින් පවති) වැඩිදුර කියවීම »

ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක 1/2004 නඩුව

  • 2004.3.8 දින අතිගරු ජනාධිපතිතුමිය විසින් ඉහතකි පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129(1) ව්‍යවස්ථාව යටතේ මත ප්‍රකාශයක් සදහා අතිගරු අගවිනිසුරුතුමා වෙත යවන ලද ලිපිය (සිංහල බසට පරිවර්තනය කරමින් පවති) වැඩිදුර කියවීම »
  • 2004.3.11 දින අතිගරු ජනාධිපතිතුමිය විසින් ඉහතකි පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129(1) ව්‍යවස්ථාව යටතේ මත ප්‍රකාශයක් සදහා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීම සම්බන්ධයෙන් නිහාල් ශ්‍රී අමරසේකර විසින් මැදිහත්වීම සදහා කළ ඉල්ලිම (සිංහල බසට පරිවර්තනය කරමින් පවති) වැඩිදුර කියවීම »
  • 2004.3.12 දින ජනාධිපතිතුමියගේ කාර්යාලය විසින් අතිගරු අගවිනිසුරුතුමා වෙත ඉහතකී පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129(1) ව්‍යවස්ථාව යටතේ මත ප්‍රකාශයක් සදහා යොමු කරමින් යවන ලද ලේඛණ සහිතව ජනාධිපති නීතීඥ කේ. කනග්-ඊස්වරන් වෙත යවන ලද ලිපිය (සිංහල බසට පරිවර්තනය කරමින් පවති) වැඩිදුර කියවීම »
  • 2004.3.19 දිනැති නිහාල් ශ්‍රී අමරසේකර විසින් ඉදිරිපත් කළ ලිඛිත කරුණු (සිංහල බසට පරිවර්තනය කරමින් පවති) වැඩිදුර කියවීම »
  • 2004.3.17 දින ඉහත සදහන් පනත මගින් දි ඇති බදු සමාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති නීතියේ සමානාත්මක අරක්ෂාව පළදු කරනවා පමණක් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පිහිටීමේ පදනම වන නිතියේ ආධිපත්‍යටද විරෝධ වන අතර එමගින් මහජන මුදල් වංචනික ලෙස රජයට අහිමි කරමින් මහා පරිමානයේ පඩුවක් සිදුකරන බවටද වෙනත් දේ අතර නිගමනය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් 5 දෙනෙකුගෙන් යුත් මඩුල්ලක් විසින් කළ මත ප්‍රකාශය (සිංහල බසට පරිවර්තනය කරමින් පවති) වැඩිදුර කියවීම »
Scroll to Top